දේශීය
ත්‍රීරෝද රථ අනතුරකින් එකම පවුලේ 07ක් රෝහලට
පොල්ගහවෙල, හොදැල්ල ප්‍රදේශයේ දී ත්‍රිරෝද රථයක් අනතුරට ලක් වීමෙන් එකම පවුලේ 07 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.
එම අනතුරෙන් කුඩා ළමයි 04 දෙනෙකුද ඇතුළත් බවයි වාර්තාවන්නේ.
පොලීසිය සඳහන් කළේ, අද (16) පෙරවරුවේ ඔවුන් ගමන් කළ ත්‍රිරෝද රථය ළිදකට වැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි.
අනතුර සිදුවන අවස්ථාවේ මව , පියා , මිත්තණිය සහ දරුවන් 04 දෙනෙකු එහි සිට තිබෙනවා.
රියැදුරුට නින්ද යාම අනතුරට හේතු වන්නට ඇති බවට පොලිසිය සැක පල කරනවා.