දේශීය

සෙනගාල් ගුවන් යානා අනතුරකින් 10 දෙනෙකුට තුවාල

අප්‍රිකා රාජ්‍යයක් වන සෙනගාලයේ ඩකාර් අගනුවර බෙලීස් දියැග්නේ ජාත්‍යන්තර ගුවන්තොටුපොළෙන් ගුවන්ගත වීමට සූදානම් වීමේදී ගුවන් පථයෙන් ලිස්සා අනතුරට ලක්වී තිබෙනවා.

යානයේ මගීන් 85 දෙනෙකු සහ නියමුවන් දෙදෙනා ද සමඟ කාර්ය මණ්ඩල සාමාජිකයන් සිවු දෙනෙක් සිට ඇති බවයි වාර්තාවන්නේ.

අනතුරට ලක්වී ඇත්තේ, බෝයිං 737-300 වර්ගයේ යානයක්.

සිදුවූ අනතුරින් තුවාල ලැබූ ගණන 10 ක් බවද විදෙස් මාධ්‍ය වාර්තා කළා.

ඊයේ අලුයම 1ට පමණ මාලි අගනුවර වන බමාකෝ වෙත පියාසර කරමින් සිටියදී මෙම සිදුවීම සිදුව ඇති බව Dakar’s Blaise Diagne ගුවන් තොටුපළ නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

පැය කිහිපයකට ගුවන් තොටුපළේ මෙහෙයුම් නතර කළ නමුත් මේ වන විට යළි ආරම්භ වී තිබෙන බවද වැඩිදුරටත් වාර්තා වනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, මෙම සිද්ධිය සම්බන්ධයෙන් Boeing සමාගම අදහස් දක්වා නොමැති බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button