දේශීය

ඖෂධ ගේන්න ඩොලර් මිලියන 100ක්

සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාවකට අනුව සෞඛ්‍ය අමාත්‍යාංශයට අත්‍යවශ්‍ය ඖෂධ මිල දී ගැනීම සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 100ක් කඩිනමින් ලබාදීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

අද (13) පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය රමේෂ් පතිරණ මහතා මේ බව සඳහන් කළා.

ඒ අනුව, කොළඹ නාගරික පුනර්ජිවන ව්‍යාපෘතියට සහයවීමේ ව්‍යාපෘතිය මගින් ලැබුණු ඇමෙරිකානු ඩොලර් මිලියන 70ක් සහ ආපදා අවම කිරීමේ පියවර මගින් නායයාම් අවදානම් අවම කිරීමේ ව්‍යාපෘතියෙන් ලැබුණු ඩොලර් මිලියන 30ක මුදල මේ සඳහා යොදා ගනු ලබනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button