දේශීය

දේශීය ඖෂධ සැපයුම්කරුවන්ට කෝටි 1100 ක බිල්පත් ගෙවල නැහැ- සෞඛ්‍ය අමාත්‍යාංශය

දේශීය ඖෂධ සැපයුම්කරුවන්ට රුපියල් කෝටි 1100 ක හිඟ බිල්පත් ගෙවීමට ඇති නිසා ඔවුන් ඖෂධ සැපයීමට අදිමදි කරන තත්වයක් පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා .

මේ සම්බන්ධයෙන්  සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක ප්‍රකාශ කළේ අදාළ හිඟ බිල්පත් ගෙවීම සඳහා මහ භාණ්ඩාගාරයෙන් දැනටමත් මුදල් ඉල්ලා ඇති ඇති අතර එම මුදල් අදියරෙන් අදියර මුදාහැරීමට මහා භාණ්ඩාගාරය එකඟ වී ඇති බවයි.

ඊට අමතරව තවත් කෝටි 300 ක් වෙනත් ආනයනකරුවන්ට ගෙවීමට ඇති බවද අතිරේක ලේකම්වරයා  පවසනවා.

සෞඛ්‍ය අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ රටපුරා අත්‍යවශ්‍ය ඖෂධ 161 ක පමණ හිඟයක් පවතින අතර එම ඖෂධ දැනටමත් ඇණවුම් කර ඇති බවයි.

එම ඖෂධ ඉදිරි සති කිහිපයේදී ලැබීමට නියමිත බවද අමාත්‍යංශය සඳහන් කළා.  

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button