විදෙස්

අධික ශීතල හේතුවෙන් ඇෆ්ගනිස්ථානයේ 124ක් ජීවිතක්ෂයට

ඇෆ්ගනිස්ථානයට බලපා ඇති අධික ශීත කාලගුණික තත්ත්වය හේතුවෙන් පුද්ගලයන් 124 දෙනකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා .

එරට ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යාංශය සදහන් කළේ අධික ශීත දේශගුණික තත්ත්වය හේතුවෙන් ගොවිපොළ සතුන් 70000 ක් පමණ මියගොස් ඇති බවයි.

මෙය දශක ගණනකින් ඇෆ්ගනිස්ථානයට බලපෑ දරුණුතම ශීත කාලගුණික තත්ත්වය බව ඇෆ්ගනිස්ථාන මාධ්‍ය වාර්තා සදහන් කරනවා.

ආපදාවට ලක්වූවන් මුදවා ගැනීමට කඳුකර ප්‍රදේශවලට හමුදා හෙලිකොප්ටර් යානා යවා ඇතත් අධික හිමපතනය හේතුවෙන් එම යානා ගොඩබෑමට නොහැකි තත්ත්වයක් උදා වී තිබෙනවා .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button