විදෙස්

චීනයේ නේවාසිකාගාරයක ගින්නකින් 13 දෙනෙකු ජීවිතක්ෂයට

මධ්‍යම චීනයේ, යැංෂැංපු ප්‍රදේශයේ පාසල් නේවාසිකාගාරයක හටගත් ගින්නකින් 13 දෙනෙකු මිය ගොස් තිබෙනවා.

විදෙස් මාධ්‍යය වාර්තා කළේ, ඊයේ (19) රාත්‍රියේ නේවාසිකාගාර ගොඩනැගිල්ලක ගින්න හටගෙන ඇති බවයි.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණයවී නොමැති අතර, පෞද්ගලික පාසලක් වන එම පාසලේ කළමනාකරු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තාවන්නේ.

පසුගිය නොවැම්බර් මාසයේද චීනයේ ශැංසි පළාතේ ගොඩනැගිල්ලක හටගත් ගින්නකින් පුද්ගලයින් 27 දෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button