දේශීය

ජපානයෙන් මිලියන 1600ක ආධාරයක්

ජපානයෙ​න් මිලියන 1600ක ආධාර මුදලක් ලබා ගැනීම සඳහා කැබිනට් අනුමැතිය ලබා තිබෙනවා.

රජය පවසන්නේ, ආර්ථික අර්බුදය නිසා විපතට පත් ජනතාව සඳහා ක්ෂණික මානුෂීය ආධාර ලබාදීම සහ රටේ ආර්ථික තත්ත්වය වැඩි දියුණු කිරීම උදෙසා රාජ්‍ය අංශයය සවිබල ගැන්වීම මගින් ජපාන රජය සිය සහයෝගීතාව පුළුල් කර ඇති බවයි.

ඒ අනුව ජපාන ආර්ථික හා සමාජ සංවර්ධන වැඩසටහන යටතේ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා ජපානයෙන් මිලියන 1600ක් (රුපියල් බිලියන 3.3ක්) ප්‍රදානය කිරීමට ජපාන රජය එකඟතාවය පළ කර ඇති බව රජය පවසනවා.

එමෙන්​ම වෙරළ සංරක්ෂණ කටයුතු, උතුර ඇතුළු ප්‍රධාන රෝහල්වලට මාතෘ සහ ළමා ප්‍රතිකාර උපකරණ ලබා ගැනීම, උතුරු නැගෙනහිර ධීවර ආරක්ෂක උපකරණ ලබා ගැනීමට මෙම මුදල් යොදා ගැනීමට නියමිතයි.

ඉහත ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා ජපාන ආර්ථික හා සමාජ සංවර්ධන වැඩසටහන යටතේ ආධාර ලබා ගැනීමට ජපාන රජය සමග හුවමාරු පත්‍ර සහ වෙනත් අදාල ලියකියවිලි අත්සන් කිරීම පිණිස මුදල් ,ආර්ථික ස්ථායීකරණ හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා  ලෙස ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button