විදෙස්
ටැන්සානියාවේ ගුවන් අනතුරින් 19ක් මරුට
ටැන්සානියාවේ වික්ටෝරියා විලට මගී ගුවන් යානයක් කඩා වැටීමෙන් සිදුවු අනතුරෙන් මගීන් 19දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව එරට අග්‍රාමාත්‍ය කාසිම් මජලිවා පවසනවා.
පැවති අයහපත් කාලගුණික තත්ත්වයත් සමග අදාළ ගුවන්යානය බුකෝබා නගරයේ පිහිටි ගුවන්තොටුපොළ වෙත ගොඩබෑමට යාමේ දී අනතුරට ලක්ව තිබුණා.
ගුවන්යානයේ සිටි මගීන් 26දෙනෙකු සහන කණ්ඩායම් විසින් බේරාගෙන ඇති බව වාර්තා වෙනවා.
කෙසේවෙතත් යානයේ මගීන් කොපමණ සිටියේ ද යන්න සම්බන්ධයෙන් මෙතෙක් නිශ්චිත තොරතුරු අනාවරණය වී නොමැති බව විදෙස් වාර්තා සඳහන් කළා.