ව්‍යාපාරික

”2024 මොනික් ලෙගසි සම්මාන උළෙල” මෙවරත් අති සාර්ථකව

දිවයිනේ ප්‍රධාන පෙළේ ක්ෂුද්‍ර මූල්‍ය ආයතනයක් වන මොනික් ආයතනය 2024 වර්ෂය සදහා සිය කාර්ය මණ්ඩලය ඇගැයීමේ උත්සවය කුරුනෑගල එපිටෝම් හෝටලයේදී පසුගියදා උත්කර්ෂවත් ලෙස පැවැත්වුණා.

ජාතික නිවාස කොමසාරිස් සහ LCB හි ප්‍රධාන විධායක නිලධාරී ජ්‍යෙෂ්ඨ නීතිඥ ගාමිණී පෙරේරා මහතාද මෙයට සහභාගී වූ අතර LCB Finance PLC හි ප්‍රධාන විධායක නිලධාරී කේ.ජී. ලීලානන්ද සහ Monik සමූහ ව්‍යාපාරයේ කළමනාකාර අධ්‍යක්ෂ ආචාර්ය වාසල මධුවන්ත යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මෙම උත්සවය පැවැත්වුණා.

පුරා වසර පහක් අති සාර්ථක ගමනක් සඳහා තම ආයතනයේ කාර්ය මණ්ඩලයේ දායකත්වය නොමඳව ලැබුණු බව මොනික් කළමණාකාර අධ්‍යක්ෂ ආචාර්ය මදුවන්ත වාසල ආරියපාල මහතා මෙහිදී සදහන් කළා.

ඉලක්ක සැපිරූ කාර්ය මණ්ඩලයේ සාමාජිකයන් ඇගැයීම සහ දිරිමත් කිරීමද මෙම උත්සවයේ ප්‍රධාන අරමුණයි.

සිය අලෙවි ඉලක්ක සාර්ථකව සැපිරූ නිලධාරීන්ට වාහන ඇතුළු විශාල වටිනාකමකින් යුත් විවිධ ත්‍යාග රැසක් මෙහිදී පිරිනැමීම විශේෂත්වයක්.

CEYLON MONIK යනු Monik සමූහ ව්‍යාපාරයේ ප්‍රධානතම ආයතනයයි. ශ්‍රී ලංකාවේ මූල්‍ය ඉතිහාසයේ නව පරිච්ඡේදයක් සනිටුවහන් කිරීමට CEYLON MONIK හට හැකිව තිබෙනවා.

මූල්‍ය සේවා ක්ෂේත්‍රයේ විප්ලවීය වෙනසක් සිදුකරමින් CEYLON MONIK විවිධ අවශ්‍යතා සපුරාලීම සඳහා අසමසම සේවාක් සපයන අතර නව්‍යකරණයෙන් සහ වඩාත් විශ්වසනීය ලෙස සේවාව සැපයීමට සමත්ව තිබෙනවා.

නිවාස ණය, ඉදිකිරීම් මූල්‍යකරණය, රන් ණය, වාහන ණය, ව්‍යාපාර ණය සහ ක්ෂුද්‍ර මූල්‍ය ඇතුළුව, සෑම මට්ටමකින්ම ජනතාවගේ අභිලාෂයන් සහ සිහින සවිබල ගැන්වීම මෙම ව්‍යාපාරයේ ප්‍රධාන අරමුණයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button