දේශීය

පැය 24ට COVID 19 රෝගීන් 214 ක් මරණ හයක්

ගතවූ පැය 24 ක කාලසීමාව තුළ COVID 19 රෝගීන් 214 වාර්තා වී තිබෙන අතර COVID 19 මරණ හයක් වාර්තා තිබෙනවා.

ඊට පෙර පැය 24 ක කාල සීමාව හා සසඳන විට මෙහි වැඩිවීමක් පෙන්නුම් කරන බව වෛද්‍ය රංජිත් බටුවන්තුඩාව පවසනවා.

කොවිඩ් 19 හේතුවෙන් සිදුවන මරණ වලින් 80% ක් අයත් වන්නේ 60ට වැඩි සහ දීර්ඝකාලීන රෝගවලින් පෙළෙන ඛාණ්ඩයට සහ එන්නත් මාත්‍රාන් නිවරදිව ලබා නොගත් පුද්ගලයන්ගේ ඛාණ්ඩයයි. කොවිඩ් මර්දන එන්නත මේ දිනවල සියලුම සෞඛ්‍ය නිලධාරි කාර්යාල වලත් අදාල පළාත්වල සියලුම රෝහල් වලිනුත් ලබාගත හැකි වනවා.

මේ අතර, ලෝකය පුරා ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින වඳුරු උණ රෝගය (Monkeypox) සම්බන්ධව අදහස් දක්වමින් කොළඹ වෛද්‍ය පර්යේෂණායතනයේ වෛරස රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ජූඩ් ජයමහ පවසා සිටියේ

එම වෛරසය වසූරිය කාණ්ඩයට අයත් බවත් මෙහිදී ඇඟේ යම් පලු හට ගැනීමත්, ඇඟේ පතේ රුදාවත්, උණ හටගැනීමත්, සැරව ගැලීමත් යන රෝග ලක්ෂණ හඳුනාගත හැකි බවත් ය. මෙහිදී සති දෙකක් තුළ රෝග ලක්ෂණ ඇති වී ඉන්පසුව ඉබේම හොඳ වී යන බවත් ඔහු පවසනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button