ගෝලීය උෂ්ණත්වය ඉහළ යෑමට වගකිව යුතු යැයි රටවල් 32කට නඩු
දේශගුණික විපර්යාස සම්බන්ධයෙන් වන පැරිස් ගිවිසුමට අනුව ගෝලීය උෂ්ණත්වය සෙල්සියස් අංශක 1.5කට වඩා අවම මට්ටමක රඳවා ගැනීමට ප්‍රමාණවත් ක්‍රියාමාර්ග නොගැනීම හේතුවෙන් පෘතුගාලයේ තරුණ කණ්ඩායමක් රටවල් 32කට එරෙහිව නඩු පැවරීමට පියවර ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
එම තරුණ පිරිස මේ වනවිට සිය චෝදනාව මානව හිමිකම් සඳහා වන යුරෝපා අධිකරණයේ නඩුවක් ගොනු කර ඇති අතර, එය සාර්ථක වුවහොත් ලොව රටවල් රැසකට නීතිමය වශයෙන් ප්‍රතිවිපාක විඳීමට සිදුවනු ඇතැයි ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළා.
මෙලෙස නීතිමය පියවර ගෙන තිබුණේ, වසර 2017දී පෘතුගාලයේ හටගත් ළැව් ගින්නට මුහුණ දුන් එකම පවුලක 24 හැවිරිදි ක්ලෝඩියා ඩුවාර්ටේ, ඇගේ බාල සොහොයුරා වන 20 හැවිරිදි මාටිම් සහ බාල සොහොයුරිය වන 11 හැවිරිදි මරියානා ඇතුළුව තරුණ පිරිසක් විසින්.
ඔවුන් නඩු පැවරූ රටවල් අතර බ්‍රිතාන්‍යය, නෝර්වේ, රුසියාව, ස්විට්සර්ලන්තය, ටර්කිය සහ යුරෝපා සංගමය ද ඇතුළත් වනවා.