දේශීය

ගතවූ මාස කිහිපයේදී ඩෙංගු මරණ 32ක්

වසරේ ගතවූ මාස කිහිපය තුළ මෙරටින් ඩෙංගු රෝගීන් 70,000කට ආසන්න සංඛ්‍යාවක් හඳුනාගෙන ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය නිවේදනය කර තිබෙනවා.

ඒ අනුව එම ඒකකය සඳහන් ක‍රන්නේ, මේ වසරේ ජනවාරි පළමු වැනිදා සිට නොවැම්ර් පළමු වැනිදා දක්වා කාලය තුළ මෙරටින් ඩෙංගු රෝගීන් 68,497 දෙනෙකු වාර්තාවී ඇති බවයි.

ඉන් වැඩි දෙනෙකු බස්නාහිර පළාතෙන් වාර්තා වන අතර, එම සංඛ්‍යාව 32,862ක් ලෙස සඳහන්.

ඒ යටතේ කොළඹ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 14,475 දෙනෙකු වාර්තාවී තිබෙනවා.

එමෙන්ම මධ්‍යම පළතෙන් ඩෙංගු රෝගීන් 7,878 දෙනෙක්ද වයඹ පළාතෙන් 5,671 දෙනෙකු සහ සබරගමුව පළාතෙන් රෝගීන් 5,651 දෙනෙකු වාර්තා වන බව ජාතික ඩෙංගු මර්දන ඒකකය නිවේදනය කරනවා.

ඒ අනුව මේ වසරේ ගතවූ මාස කිහිපය තුළ ඩෙංගු මරණ 32ක්ද වාර්තාවී තිබෙන බවයි සඳහන්වන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button