දේශීය

පොලීසියට පාට් දැමූ 4කට වැඩ වරදී

අලවතුගොඩ ප්‍රදේශයේ සැක කටයුතු ලෙස හැසිරුණු පුද්ගලයන් දෙදෙනකු පරීක්ෂා කිරිමට යාමේදී පොලිස් රාජකාරීයට බාධා කළ සැකකරුවන් 4 දෙනකු අත්අඩංගුවට ගත් බව අලවතුගොඩ පොලිසිය පවසනවා.

මෙලෙ​ස අත්අඩංගුවට ගෙන ඇත්තේ කෝවකලගල ප්‍රදේශයේ පදිංචි අවුරුදු 18 ත් 53 ත් අතර පසුවන සිවුදෙනකු බව​යි පොලිසිය පවසන්නේ.

අලවතුගොඩ පොලිසියට අනුයුක්ත ප්‍රධාන පොලිස් පරික්ෂකවරයකු ඇතුළු නිලධාරීන් 4 දෙනකු වැටලීම් රාජකාරියේ යෙදී සිටියදී සැකකටයුතු ලෙස හැසිරෙමින් සිටි සැකකරුවන් දෙදෙනකු පරීක්ෂා කිරීමට යාමේදී එම සැකකරුවන් පොලිස් නිලධාරීන්ට සමග බහින්බස්වීමක් සිදුව ඇති බව පොලිසිය පවසනවා.

පොලිසිය පවසන්නේ, පසුව ඒ සම්බන්ධයෙන් පොලිස් ස්ථානයට දැනුම්දීමෙන් අනතුරුව ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් එම ස්ථානයට යන අවස්ථාවේදී පුද්ගලයන් 30 ක් පමණ එම ස්ථානයේ රැස්ව සිට ඇති බවයි.

එහිදී ඔවුන් පොලිසියට විරෝධය දක්වමින් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කර ඇති බව පොලිසිය පවසනවා.

ඒ අනුව එහි සිටි පුද්ගලයන් සිවු දෙනකු සාපරාධී බලහත්කාරය පෑම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් බව අලවතුගොඩ පොලිසිය සඳහන් කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button