දේශීය

ගම්පහ ඝාතන සිද්ධියට කාන්තාවක් ඇතුළු 5ක් අත්අඩංගුවට.

ගම්පහ ප්‍රදේශයේ කොණ්ඩා කපන ස්ථානයකදී පසුගිය (06)වනදා පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් කාන්තාවක් ඇතුලු පස්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ ගෝනහේන පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරින් පිරිසක් සිදුකළ වැටලීමකදී සැකකරුවන් අද (27) අලුයම අත්අඩංගුවට ගත් බවයි.

සැකකරුවන් සමග වෙඩි තැබීම සඳහා යොදා ගන්නා ලද මෙරට නිෂ්පාදිත රිවෝල්වරයක් සහ ප්‍රවාහන කටයුතු සදඟා යොදා ගත් මෝටර් රථයක් ද පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් භාරයට ගෙන තිබුණා.

සැකකරුවන් 23 ත් 39 යන වයස්වල පසුවන්නන් වන අතර, ඔවුන් පෙතියගොඩ, මාකේවිට සහ කොටුගොඩ ප්‍රදේශවල පදිංචිකරුවන් බවට අනාවරණ වී තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button