දේශීය

තවත් කොවිඩ් මරණ 5ක්..!

කොවිඩ් ආශ්‍රිත මරණ 05ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබෙනවා.

ඊයේ (06) රාත්‍රී නිවේදනය කළ එම මරණ සියල්ල අවුරුදු 60ට වැඩි තැනැත්තන් බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.

ඒ අනුව මෙරටදී වාර්තාවන සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 16,578කි.

ගතවූ දින කිහිපය තුළ කොවිඩ් මරණ සංඛ්‍යාව ඉහළ ගොස් ඇති අතර මේ මාසයේ පළමු දින 06 තුළ කොවිඩ් ආසාදිතයින් 787 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button