විදෙස්

61 දෙනෙක්ට මරු කැඳවූ බ්‍රසීලයේ ගුවන් යානා අනතුර

බ්‍රසීලයේ සාවෝපාවුලෝ ප්‍රදේශයේ ගුවන්‍ යානා අනතුරකින් එම යානයේ සිටි සියලුදෙනාම ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කළේ එහි කාර්‍ය මණ්ඩලයේ සිව් දෙනෙක් සහ මගීන් 57 දෙනෙක් සිටි බවයි.

එම යානය ජනාකීර්ණ ප්‍රදේශයකට කඩාවැටී තිබුණද ඉන් භූමියේ සිටි කිසිවෙකුටත් හානියක් වී නොතිබුණු බවද වාර්තා වුණා.

මෙම අනතුරට මුහුණ දුන් සියලුදෙනාම බ්‍රසීල ජාතිකයන් බව අදාළ ගුවන් සමාගම තහවුරු කර තිබෙනවා.

සාඕ පවුලෝ අගනගරයේ සිට ග්වාරලියෝස් ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත යානය ගමන් කරමින් තිබියදී සාඕ පවුලෝ නුවරට කිලෝමීටර් 80ක් වයඹ දෙසින් පිහිටි වින්හෙඩෝ නගරය ආසන්නයේදී මෙම අනතුර සිදුව තිබෙන බව සඳහන්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button