දේශීය
පවුල් 7,89242කට ස්ථිර නිවාස නැහැ

රටේ ස්ථිර නිවාස නොමැති පවුල් හත් ලක්ෂ අසූනව දහස් දෙසීය හතළිස් දෙකක් සිටින බව නාගරික සංවර්ධන හා නිවාස රාජ්‍ය ඇමැති තේනුක විදානගමගේ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (23) ප්‍රකාශ කර තිබෙනවා.
ඊට අමතරව තාවකාලික සෙවිලි සැකසූ නිවාස හාර ලක්ෂ අසූ හය දහස් හාරසිය විසිහයක් තිබෙන බවද ඒවාහි වැඩිපුරම ඇත්තේ පුත්තලම, මඩකලපුව, යාපනය, කුරුණෑගල, නුවරඑළිය, රත්නපුරය, මහනුවර සහ බදුල්ල යන දිස්ත්‍රික්කවල බවද ඇමැතිවරයා කියා සිටියා.
ඔහු මේ බව පැවසුවේ, ආණ්ඩු පක්ෂ මන්ත්‍රිනි රාජිකා වික්‍රමසිංහ මහත්මිය විසින් නගන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්.