ක්‍රීඩා

දසුන්ට ඩොලර් 85,000ක්

2024 LPL තරඟාවලි​යේ ක්‍රීඩක වෙන්දේසිය මේ වනවිට කොළඹදී පැවැත්වෙනවා.

එහිදී මේ දක්වා වෙන්දේසි වූ ක්‍රීඩකයින් අතරින් වැඩිම මිල වූ ඩොලර් 85,000ක මිලක් දසුන් ශානකට හිමිවුණා.

ඒ අනුව මෙවර LPL තරගාවලියේදී දසුන් ශානකගේ හිමිකාරීත්වය ලබාගත්තේ කැන්ඩි කණ්ඩායමයි.

මෙවර ක්‍රීඩක වෙන්දේසිය සඳහා පළමුවෙන්ම ඉදිරිපත් කළේ අශේන් බණ්ඩාරයි.

ඔහුව B-Love Kandy කණ්ඩායම විසින් ඩොලර් 28,000කට මිලදී ගත්තා.

2024 ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය මේ වනවිටත් පැවැත්වෙමින් තිබෙන අතර මේ දක්වා වෙන්දේසි වූ ක්‍රීඩකයින් පහතින්,

රමේෂ් මෙන්ඩිස් – ඩොලර් 10,000යි – කැන්ඩි

ඇන්ජලෝ පෙරේරා – ඩොලර් 20,000යි – කොළඹ

දසුන් ශානක – ඩොලර් 85,000යි – කැන්ඩි 

ශෝන් විලියම්ස් – ඩොලර් 20,000යි – ගාල්ල

අකිල ධනංජය – ඩොලර් 20,000 – දඹුල්ල 

ප්‍රභාත් ජයසූරිය – ඩොලර් 10,000යි – ගාල්ල 

ප්‍රමෝද් මදුශාන් – ඩොලර් 20,000යි – ජැෆ්නා

ළහිරු කුමාර – ඩොලර් 30,000යි – ගාල්ල 

ටස්කින් අහමඩ් – ඩොලර් 50,000යි – කොළඹ 

ළහිරු උදාර – ඩොලර් 14,000යි – දඹුල්ල

රමනුල්ලා ගුර්බාස් – ඩොලර් 50,000යි – කොළඹ

දුනිත් වෙල්ලාලගේ – ඩොලර් 50,000 – කොළඹ

චාමික ගුණසේකර – ඩොලර් 10,000 – කොළඹ

සහන් ආරච්චිගේ – ඩොලර් 20,000 – ගාල්ල 

ජනිත් ලියනගේ ඩොලර් 36,000 – ගාල්ල

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button