දේශීය
මැතිවරණ ආරක්ෂාවට නිලධාරීන් 90,000ක්
මහ මැතිවරණයේ ආරක්ෂාව සඳහා ආරක්ෂක අංශ නිලධාරීන් 90,000ක් යොදවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව පවසනවා.
මෙම පිරිසට සෘජුව හා වක්‍ර වශයෙන් යොදවන නිලධාරීන් රැසක් අයත් වනවා.
ඒ අනූව සෘජුවම යොදවන පොලිස් නිලධාරීන් ගණන 63,145ක්.
විශේෂ කාර්ය බලකා නිලධාරීන් 3,200ක්ද අවශ්‍යතාව අනුව පොලිස් නිලධාරීන් ඉවත් කෙරෙන ස්ථානවල ආරක්ෂාව සඳහා යොදන යුධහමුදා ඇතුළු ත්‍රිවිධ හමුදා නිලධාරින් 11,000ක්ද ජංගම මුර සංචාර සඳහා යොදවන සිවිල් ආරක්ෂක නිලධාරීන් 12,227ක් මේ සඳහා ඇතුළත්.
එමෙන්ම ජංගම මුර සංචාර 3,109ක් හා මැතිවරණයෙන් පසු ආරක්ෂාව සඳහා දිවයින පුරා මාර්ග බාධක 269 ක් හා කැරලි මර්දන කණ්ඩායම්වලට 241ක් යෙදවීමට නියමිත බවයි පැවසෙන්නේ.