විදෙස්
ඇෆ්ගන් ජනගහනයෙන් 95%ක් ආහාර හිඟයෙන්
ඇෆ්ගනිස්තානයේ සමස්ත ජනගහනයෙන් 95% ක් ආහාර හිඟයකින් පෙළෙන බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසනවා.
කාන්තා මූලික පවුල් සියයට සියයක්ම මෙම තත්ත්වයෙන් පීඩාවට පත්ව සිටින බවයි එක්සත් ජාතීන්ගේ සංවිධායේ මහලේකම්වරයාගේ මානුෂීය සම්බන්ධීකාරක රමිස් අලකබරෝ නිකුත් කළ වාර්තාවක් මගින් පෙන්වා දී ඇත්තේ.
ඇෆ්ගනිස්තානය පසුගිය වසරේ ජූලි මාසයේ මිලියන 14ක් වූ දැඩි කුසගින්නෙන් පෙළෙන සංඛ්‍යාව මෙම වසරේ මාර්තු මාසය වන විට මිලියන 23 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
මේ හේතුවෙන් ඇෆ්ගනිස්ථානයේ දරුවන් අතරින් මිලියන 3.5 ක් මන්දපෝෂණයට ප්‍රතිකාර ලබාගත යුතු මට්ටමේ සිටින බවයි ඔහු සිය වාර්තාව මගින් දක්වා ඇත්තේ.