දේශීය

IMF අධ්‍යක්ෂිකාවක් සහ ජනපති අතර හමුවක්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකරණ අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලිනා ජෝර්ජිවා හා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර මෙරට ආර්ථික ගැටලු විසදීම සම්බන්ධයෙන් සාකච්ඡාවක් පැවැත්වෙන බව ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා.

ජනාධිපති මාධ්‍ය අංශය පවසන්නේ,  එහිදී ශ්‍රී ලංකාවේ ආර්ථික ගැටලු විසඳීම සම්බන්ධයෙන් සාකච්ඡා කළ  බවයි.

එහිදී, ශ්‍රී ලංකාවේ මූල්‍ය ක්ෂේත්‍රයේ සිදුවෙමින් පවතින ප්‍රතිසංස්කරණ සහ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ප්‍රයත්නවල සැලකිය යුතු ප්‍රගතියක් අත්කර ගැනීම පිළිබඳවද අවධානය යොමු කෙරුණ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා.

මේ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිව්යෝර්ක් නුවරදී පොදුරාජ්‍ය මණ්ඩලයීය මහලේකම් පැට්‍රීෂියා ස්කොට්ලන්ඩ් මහත්මියද  හමුවී සාකච්ඡාවක නිරත වුණා.

ජනාධිපතිවරයා පොදු රාජ්‍ය මණ්ඩලීය මහලේකම්වරිය හමුවුණේ එක්සත් ජාතින්ගේ මුලස්ථානයේදි බව ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button