කාන්තාවක් විසින් ගූගල් සමාගමට එරෙහිව නඩු පවරයි
කාන්තාවක් විසින් ගූගල් සමාගමට එරෙහිව නඩු පවරා ඇති පුවතක් අමෙරිකාවේ උතුරු කැරොලිනා ප්‍රාන්තයෙන් වාර්තාවනවා.
ඒ ගූගල් සිතියමේ උපදෙස්වලට අනුව කඩා වැටුණු පාලමක් මතින් රිය පැදවූ තම ස්වාමිපුරුෂයා එම පාලම කඩා වැටී සිදුවූ අනතුරින් ජීවිතක්ෂයට පත්වීම හේතුවෙන්.
මෙසේ මියගොස් ඇත්තේ වයස අවුරුදු 47ක් වන වෛද්‍ය උපකරණ අලෙවි කිරීමේ නිරතව සිටි පිලිප් පැක්ස්ටන් නැමති පුද්ගලයෙක්.
කෙසේ වෙතත් පසුව අනාවරණයවී ඇත්තේ රිය ධාවනය කළ පාලම වසර 9කට පෙර කඩා වැටුණු පාලමක් බවයි.
මේ අනතුර සිදුවී ඇත්තේ පසුගිය වසරේ සැප්තැම්බරයේදී වන අතර, ජීවිතක්ෂයට පත්ව පුද්ගලයා සමඟ ඔහු පැදවූ ජීප් රථය දියට වැටී ගිලී තිබෙනවා.
එම නඩුව පැවැරීමට බිරිය පසුගියදා කටයුතු කර ඇත්තේ, , මෙම අනතුරට පෙර බොහෝ දෙනකු එම සමාගමට, පාලම වසර 9කට පෙර කඩා වැටුණු පාලමක් බවට දැනුම්දී තිබුණත් ගූගල් සමාගමේ සිතියමේ නොසැලකිමත් උපදෙස් සම්බන්ධව අවධාරණය කරමින්.