ක්‍රීඩා

කාසියේ වාසිය ඉන්දියාවට

ආසියානු ක්‍රීඩා උළෙලේ කාන්තා ක්‍රිකට් අවසාන තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට ඉන්දීය නායිකාව සමත්වුණා.

ඒ අනුව, ඇය පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළා.

තරගය මෙරට වේලාවෙන් පෙරවරු 11.30ට චීනයේ හැන්ග්ෂු හිදී ආරම්භ වුණා.

ඊයේ (24) පැවති දෙවන අවසන් පූර්ව තරගයෙන් පාකිස්තාන කණ්ඩායම පරදා කඩුලු 06ක ජයක් හිමිකරගනිමින් රන් පදක්කම සඳහා වූ අවසන් තරගයට සුදුසුකම් ලබාගැනීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමත්වුණා.

අද පැවැත්වෙන තරගයෙන් ජයගතහොත් ශ්‍රී ලංකා කණ්ඩායමට රන් පදක්කම හිමිවන අතර පරාජය වුවහොත් තරග ඉසව්වේ රිදී පදක්කම හිමි වනවා.

ඒ අනුව, 2014 වසරට පසුව එනම් වසර 9කට පසුව ආසියානු ක්‍රීඩා උළෙලකදී ශ්‍රී ලංකාවට පදක්කමක් හිමිවීමට නියමිතයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button