දේශීය

පියාට පහරදුන් පොලිස් සැරයන්වරිය අත්අඩංගුවට

ඉඩම් ආරවුලක් සම්බන්ධයෙන් වූ  කතාබහක් දුරදිග යෑමෙන් අනතුරුව සිය පියාට පහර දීමේ චෝදනාවකට කාන්තා පොලිස් සැරයන්වරියක් අත්අඩංගුවට ගත් බව අහුංගල්ල පොලීසිය පවසනවා.

මෙසේ සැකපිට අත්අඩංගුවට ගෙන ඇත්තේ බේරුවල පොලිසියට අනුයුක්තව රාජකාරි කරන සැරයන්වරියක්.

පොලිස් සැරයන්වරියක්  වන දියණිය තමාට පහර දුන් බවට පහර කෑමට ලක් වූ පියා අහුංගල්ල පොලිසියට පැමිණිල්ලක් කර ඇති බවයි වාර්තා වෙන්නේ.

පොලීසිය සඳහන් කලේ එම පැමිණිල්ල අනුව පොලිස් සැරයන් දියණිය සහ පැමිණිලිකාර  පියා පොලිසිය ස්ථානයට කැඳවූ අවස්ථාවේ දෙදෙනාම සාමදාන වීමට අකමැත්ත ප්‍රකාශ කර ඇති බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button