ක්‍රීඩා

ශ්‍රී ලංකාව අද පළමු පුහුණු තරඟයට

මෙවර එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පුහුණු තරග අද (29) සිට ආරම්භ වනවා.

ශ්‍රී ලංකාව අද සිය පළමු පුහුණු තරඟයට එක්වන්නේ බංග්ලාදේශයට එරෙහිවයි.

ඉන්දියාවේ පැවැත්වෙන එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ඔක්තෝබර් 5 වනදා ආරම්භවීමට නියමිත අතර, අද දිනයේදී පුහුණු තරඟ 3ක් පැවැත්වීමට නියමිතයි.

ගුවාටිහිදී පැවැත්වෙන මෙම පුහුණු තරඟය මෙරට වේලාවෙන් ‍පස්වරු 2ට ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

තවත් පුහුණු තරඟයක් ඇෆ්ගනිස්තානය සහ දකුණු අප්‍රිකාව අතර තිවානන්තපුරම් හිදී අද පැවැත්වෙන අතර, තවත් පුහුණු තරගයක් පාකිස්තානය සහ නවසීලන්තය අතර හයිද්‍රාබාද් හිදී අද පැවැත්වෙනවා.

ශ්‍රී ලංකා පිල සහභාගී වන දෙවන පුහුණු තරඟය ඔක්තෝබර් මස 3 වනදා ඇෆ්ගනිස්ථානයට එරෙහිව ගුවාටි හිදී පැවැත්වීමට නියමිතයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button