දේශීය

ඩෙංගු රෝගීන් ප්‍රමාණය ඉහළට

දිවයිනේ විවිධ ප්‍රදේශවලින් මේවන විට ඩෙංගු රෝගීන් 64,359ක් වාර්තා වී තිබෙනවා.

ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය නලින් ආරියරත්න පවසන්නේ, මේ මාසයේ ගතවූ දිනවලදී පමණක් රෝගීන් 2,401ක් වාර්තාවී ඇති බවයි.

එහිදී අනාවරණය වූයේ, මේ සඳහා වර්ෂාපතනය පවතින ප්‍රදේශවල මදුරු ගහනය වැඩි වීම හේතුවී ඇති බවයි.

ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ වැඩිදුරටත් පවසා සිටියේ, මේ වන විට දිනකට ඩෙංගු රෝගීන් 80ත් 90ත් අතර ප්‍රමාණයක් වාර්තා වන බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button