දේශීය
ශිෂ්‍යත්ව විභාගය ගැන විශේෂ දැනුම්දීමක්
5 වැනි ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට අදාළ සම්මන්ත්රණ, උපකාරක පන්ති හා වැඩමුළු පැවැත්වීම ලබන 11 වැනි දා මධ්‍යම රාත්‍රියේ සිට විභාගය අවසන් වන තෙක් තහනම් කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබෙනවා.
එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, අදාළ තහනම කඩ කරන පුද්ගලයින්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවයි.
මේ අතර, 2023 වසරේ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය ඔක්තෝබර් මස 15 වනදා පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව ඊයේ (03) නිවේදනය කරනු ලැබුවා.
නිවේදනයක් නිකුත් කරමින් විභාග දෙපාර්තමේන්තුව පැවසුවේ, දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 2888කදී විභාගය පැවැත්වෙන බවයි.