දේශීය

නීතිඥ සංගමයට හා ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනයට ලැබුණු අවසරය

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීමෙන් අගතියට පත් ධීවර පවුල්වලට වන්දි ගෙවීමේ නියෝගයක් නිකුත් කරන  මෙන් ඉල්ලා ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම්වලට මැදිහත් වී කරුණු දැක්වීමට ශ්‍රී ලංකා නීතිඥ සංගමයට හා ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනයට ශ්‍රේෂ්ඨාධිකරණය අද (06) අවසර ලබා දී තිබුණා.

මුර්දු ප්‍රනාන්දු මහත්මිය ප්‍රමුඛ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලක් විසින් මෙම තීන්දුව ලබාදී තිබුණා.

ශ්‍රී ලංකා නීතිඥ සංගමය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා ඊයේ අධිකරණය හමුවේ සඳහන් කළේ, මෙම වන්දි ගෙවීමේ ක්‍රියාදාමය විනිවිද භාවයකින් හා පාරදෘෂ්‍ය භාවයකින් සිදු වන්නේද යන්න නිරීක්ෂණය කිරීමේ අරමුණින් පමණක් තමන් මෙම නඩු විභාගය සඳහා මැදිහත් වීමට අවසර පතන බවයි.

වන්දි ගෙවීමේ ක්‍රියාපටිපාටියේ පවතින විනිවිදභාවය නිරීක්ෂණය කිරීම සඳහා තමන්ට නඩු විභාගයට මැදිහත් වීමට අවසර දෙන ලෙස ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් සංවිධානයද අධිකරණයෙන් ඉල්ලීම් කර තිබෙනවා.

එම ඉල්ලීම් සලකා බැලූ අධිකරණය අදාළ පාර්ශ්වයන්ට නඩු විභාගයට ඇතුළත් වීම සඳහා අවසර ලබා දුන්නා.

ඉන් අනතුරුව, වැඩිදුර විභාගය මාර්තු මස 18 වනදා දක්වා කල් තැබීමටද අධිකරණය තීන්දු කරනු ලැබුවා.

කාදිනල් අතිඋතුම් මැල්කම් රංජිත් හිමිපාණන්, සහ පරිසර යුක්ති කේන්ද්‍රය සහ ධීවරයන් පිරිසක් විසින් මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම් ඉදිරිපත් කර තිබුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button