ඉදිරි මහ කන්නයට අවශ්‍ය පොහොර බෙදීම අද සිට
ඉදිරි මහ කන්නයට අවශ්‍ය යුරියා පොහොර අද (09) සිට බෙදාහැරීමට පියවර ගන්නා බව කෘෂිකර්ම අමාත්‍යංශය පවසනවා.
එම අමාත්‍යාංශය සදහන් කළේ, කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් රජයට අයත් පොහොර සමාගම් වෙත මේ වනවිට ඊට අදාළ උපදෙස් ලබාදී ඇති බවයි.
ඒ අනුව, අද සිට යුරියා පොහොර මෙට්‍රික් ටොන් 21,000ක් බෙදාහැරීමට නියමිත අතර කිලෝ ග්‍රෑම් 50ක යුරියා පොහොර මිටියක් රුපියල් 9,000ක මුදලකට අලෙවි කිරීමට නියමිතව තිබෙනවා.
කෘෂිකර්ම අමාත්‍යංශය සඳහන් කළේ, එම පොහොර සියලු ගොවිජන සේවා මධ්‍යස්ථාන වෙතින් මිල දී ගැනීමට අවස්ථාව සලසා දී ඇති බවයි.
ඊට අමතරව, ගොවීන්ගේ අභිමතය පරිදි රසායනික පොහොර හෝ කාබනික පොහොර මිල දී ගැනීම සඳහා වී වගා කරන සෑම ගොවියෙකුටම හෙක්ටයාර් එකකට රුපියල් 15,000ක මුදලක් බැගින් ලබාදීමට ද රජය පියවර ගෙන ඇති බව සඳහන් වනවා.
වී වගාවට මෙන්ම එළවළු ඇතුළු අනෙකුත් වගාවන් සඳහාද යුරියා ඇතුළු අනෙකුත් පොහොර සැපයීමට ප්‍රමුඛත්වය ලබා දෙන ලෙස කෘෂිකර්ම අමාත්‍යවරයා රජයට අයත් පොහොර සමාගම්වලට උපදෙස් දී ඇති බව කෘෂිකර්ම අමාත්‍යාංශය වැඩිදුරටත් ප්‍රකාශ කළා.