විදෙස්

පලස්තීන-ඊශ්‍රායල ගැටුම් හේතුවෙන් ජගත් ආරක්ෂක මණ්ඩලයේ හදිසි රැස්වීමක්

ගාසා තීරයේ කඳවුරුවල  සිටින පලස්තීන සටන්කාමීන් විසින් ඊශ්‍රායලයට එල්ල කෙරුණු දැවැන්ත ප්‍රහාරවලින් පසු එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය හදිසි රැස්වීමක් කැඳවා තිබෙනවා.

කඩිනම් උපදේශන සඳහා පසුගිය 8වැනිදා පැවති මෙම රැස්වීම පිළිබඳ කිසිදු ලේඛනයක් මෙතෙක් නිකුත් කර නොමැති බව මාධ්‍ය වාර්තා කරනවා.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ චීන නිත්‍ය නියෝජිත චං ජුන් මහතා මෙහිදී අදාළ පාර්ශ්ව වෙතින් ඉල්ලා සිටියේ, තත්ත්වය තවදුරටත් උත්සන්නවීම වළක්වා ගැනීම සඳහා සංයමයෙන් කටයුතු කරන ලෙසයි.

ඊශ්‍රායලය සහ ගාසා තීරයේ සන්නද්ධ කණ්ඩායම් අතර ඇතිවූ ගැටුම් පිළිබඳව චීනය දැඩි කනස්සල්ල පළ කරන බවත්, සිවිල් වැසියන් විශාල සංඛ්‍යාවක් මිය යාම සම්බන්ධයෙන් අතිශය කනගාටු වන බවත් චීන නිත්‍ය නියෝජිත චං ජුන් මහතා පවසනවා.

 සටන් විරාමයකට එළඹීම සඳහා උපරිම සංයමයකින් ක්‍රියා කරන ලෙසද චීන නියෝජිතයා සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටි අතර   මෙම හදිසි අවශ්‍යතාව කෙරෙහි සංවේදීව රාජ්‍ය දෙකේ විසඳුම් වෙනුවෙන් පෙනී සිටින්නැයිද චං ජුන් මහතා  ජගත් ප්‍රජාවෙන් ඉල්ලා තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button