විදෙස්

ඇෆ්ගනිස්තානයේ හෙරාත් නගරයටත් භූකම්පනයක්

ඇෆ්ගනිස්තානයේ හෙරාත් නගරයට කිලෝමීටර 28ක් දුරින් තවත් භූකම්පනය තත්ත්වයක් වාර්තාවී තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, මෙම භූකම්පනය රික්ටර් මාපකයේ 6.3ක් ලෙසයි සටහන්වී ඇති බවයි.

දෙවන වර ඇතිවූ භූමිකම්පා තත්ත්වයෙන් හෙරාත් ප්‍රදේශයේ ගම්මාන 12කට භූකම්පනයෙන් දැඩි බලපෑම් එල්ල වී ඇති අතර නිවාස 1,000කට ආසන්න සංඛ්‍යාවක්ද විනාශවී ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.

පසුගිය දිනක බටහිර ඇෆ්ගනිස්තානයට ප්‍රබල භූකම්පනයක් හටගත් අතර එයින් 2445කට අධික පිරිසක් මිය ගොස් තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button