දේශීය

ගංවතුරෙන් හානි වූ මාර්ග පිළිසකර කිරීමට ජනපතිගෙන් උපදෙස්

ගංවතුරෙන් හානි වී ඇති සියලුම මාර්ග පිළිසකර කිරීමට කඩිනමින් පියවර ගන්නා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් ලබාදී තිබෙනවා.

පවතින අයවැය ප්‍රතිපාදන උපරිම ලෙස ප්‍රයෝජනයට ගනිමින් මධ්‍යම අධිවේගී මාර්ගය ඇතුළු සියලුම අධිවේගී මාර්ග ව්‍යාපෘති කඩිනම් කරන ලෙසද ජනාධිපතිවරයා උපදෙස් ලබා දී ඇති බව, ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළා.

ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යවරයා සහ මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරීන් සමඟ පැවති සාකච්ඡාවකදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ සදහා උපදෙස් ලබා දී තිබුණා.

මේ අතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සියලු රජයේ පාසල් අද (11) සිට යළි අධ්‍යයන කටයුතු සඳහා විවෘත කරන බවත්, ගංවතුර හේතුවෙන් හානියට පත් පාසල්වල තත්ත්වය පරීක්ෂා කර බලා ඒ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීම විදුහල්පතිවරුන්ට පැවරෙන බවත්, දකුණු පළාත් අධ්‍යාපන ලේකම් රංජිත් යාපා මහතා පවසනවා.

ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලට බලපෑ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් එම දිස්ත්‍රික්කවල සියලුම පාසල් දින දෙකක් වසා දැමීමට අධ්‍යාපන බලධාරීන් පියවර ගෙන තිබුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button