විදෙස්

ඇෆ්ගනිස්තානයේ තවත් භූකම්පනයක්

ඇෆ්ගනිස්ථානයේ හේරට් නගරයට වයඹ දෙසින් අද (15) අලුයම රික්ටර් පරිමාණයේ 6.3ක භූමිකම්පනයක් සිදුව තිබෙනවා.

එය පොළොව අභ්‍යන්තරයේ කිලෝමීටර 6 ක පමණ ගැඹුරින් සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේවෙතත්, මෙම භූමිකම්පාවෙන් මේ දක්වා සිදු වූ හානි පිළිබඳව වාර්තා වී නැහැ.

පසුගිය දින කිහිපය තුළ ඇති වූ ප්‍රබල භූ කම්පන මාලාවකින් පුද්ගලයින් දහසක් පමණ මියගොස් විශාල පිරිසක් තුවාල ලබා තිබුණා.

විදෙස් වාර්තා වැඩිදුරටත් ප්‍රකාශ කළේ, අද සිදු වූ නවතම කම්පනය වාර්තාවී ඇත්තේ ගළවා ගැනීමේ මෙහෙයුම් සිදු කරමින් සිටින අතරතුර දී බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button