ක්‍රීඩා

එංගලන්තයට ලකුණු 285ක ඉලක්කයක්

2023 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ එංගලන්තය හා ඇෆ්ගනිස්තානය අතර තරගය මේ වන විට දිල්ලි ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා.

කාසියේ වාසිය දිනු එංගලන්තය පළමුව පන්දුවට පහරදීමට ඇෆ්ගනිස්තානයට ආරාධනා කළා.

ඒ අනුව, පිටියට පිවිසි ඇෆ්ගනිස්තාන පිලේ ආරම්භක පිතිකරුවන් දෙදෙනා පළමු කඩුල්ල වෙනුවෙන් ගොඩ නැගු සබඳතාව ලකුණු 114ක්.

රහමනුල්ලා ගුරුබාස් ලකුණු 80ක් රැස්කළ අතර, ඊබ්‍රාහිම් සද්‍රාන් ලකුණු 28ක් රැස් කළා.

නමුත් අනතුරුව පිටියට පිවිසි පිතිකරුවන් ඇෆ්ගනිස්තානය වෙනුවෙන් සාර්ථක සබඳතාවක් ගොඩ නැගීමට අසමත්වුණි.

ඒ අනුව, ඇෆ්ගනිස්තානය පන්දුවාර 49යි පන්දු 5ක් අවසානයේදී සියලුදෙනා දැවි රැස්කළ ලකුණු සංඛ්‍යාව 284ක්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button