Uncategorizedදේශීය

විදෙස්ගත ශ්‍රමිකයන්ගේ විදුලි වාහන සහනය අවභාවිතා කරමින් වාහන ගෙන්වලා

විදෙස්ගත ශ්‍රමිකයන් දිරිමත් කිරීම සදහා තීරු බදු සහන සහිත විදුලි වාහන ආනයනයට දී තිබූ බලපත්‍ර 119ක් අවභාවිත කරමින් වාහන ආනයනය කර ඇති බව පාර්ලිමේන්තුවේ ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාවේදී අනාවරණයවී තිබෙනවා.

එහිදී සඳහන් වී ඇත්තේ, මෙම වාහනවලින් 75ක්ම එක් සමාගමක් මගින් හොර රහසේ මෙරටට ගෙන්වා ඇති බවයි.

මෙලෙස රහසිගතව ව්‍යාජ ක්‍රම හරහා වාහන ආනයනය කිරීමේ ජාවාරම නිසා රුපියල් කෝටි ගණනක බදු ආදායමක් අහිමිවී ඇති බවද එම කාරක සභාවේදී තවදුරටත් අනාවරණයවී තිබෙනවා.

මෙලෙස වාහන ආනයන බලපත්‍ර අවභාවිතා කර ජාවාරම්කරුවන් විශාල මුදලක් උපයාගෙන ඇති බවයි වාර්තාවන්නේ.

ඒ අතර විදෙස්ගත ශ්‍රමිකයන්ට ලබා දුන් තීරුබදු සහන සහිත වාහන ආනයන බලපත්‍ර අලෙවි කිරීම සඳහා ඇතැම් පුද්ගලයින් රුපියල් ලක්ෂ 50ක මුදලක් අය කරගෙන ඇති බවද මෙම කාරක සභාවේදී හෙළිවී තිබෙනවා.

මේ හේතුවෙන් විදේශගත ශ්‍රමිකයන්ට තීරුබදු සහන සහිත විදුලි මෝටර් රථ ගෙන්වීමේ බලපත්‍ර ලබාදීම වහාම නතර කරන ලෙසත් ජාවාරම්කරුවන් වංචා කළ බදු මුදල් නැවත අයකර ගන්නා බවටත් පාර්ලිමේන්තුවේ ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාව අදාළ අංශවලට උපදෙස් ලබාදී තිබෙන බවයි වාර්තාවන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button