දේශීය

ජනතා විමුක්ති පෙරමුණ බලය ඉල්ලන හේතුව ආශු කියයි

ජනතා විමුක්ති පෙරමුණත් රටේ බලය ඉල්ලන්නේ අත්හදා බැලීම් කිරීමටද, එවැනි අත්හදා බැලීම් කරන්නට ගෝඨාභය රාජපක්ෂ ගෙනවිත් හොඳ පාඩමක් ඉගෙනගත් ජනතාවට තවත් පාඩම් අවශ්‍ය නැති බවද ජනාධිපති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ උපදේශක මහාචාර්ය ආශු මාරසිංහ මහතා පවසනවා.

ආශු මාරසිංහ මහතා මේ බව සඳහන් කළේ, පිටකෝට්ටේ සිරිකොත එජාප මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී.

රටට දැන් පරිනත නොවන දේශපාලන නායකත්වයක් වැඩක් නැති බව පැවසූ මාරසිංහ මහතා, පරිනත නැති දේශපාලකයන්ට වැඩ බැරි බව ලංකාවේ මෙන්ම ලෝකයේද ඔප්පු වී තිබෙන බව සඳහන් කර ඇති බවයි වාර්තාවන්නේ.

යුරෝපා සංගමය සමඟ එකතුවී ව්ලැඩිමීර් සොලෙන්ස්කි යුක්‍රේන බලය ගත් නමුත් අද යුද්ධයක් නිසා ඔහුගේ පාලනය නැත්තටම නැතිවී ඇති බව මාරසිංහ මහතා පවසනවා.

ආශු මාරසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේ, ජනතා විමුක්ති පෙරමුණ පාලන බලය ගෙන ඩොලර් ප්‍රශ්නයට විසඳුමක් දෙන්නේ කෙසේදැයි කිසිම වැඩපිළිවෙළක් ඉදිරිපත් කර නැති බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button