දේශීය

ළමා අපයෝජකයන් කොන්කිරීමේ නීති හදනවා – ආචාර්ය උදය අමරසිංහ

ළමා අපයෝජන සිද්ධීන්ට වරදකරුවන්වූ තැනැත්තන්ට ළමයින් සිටින පරිශ්‍රයන්ට ඇතුළු වීම, ළමයින් සමග වැඩ කිරීම හෝ ළමයින්ගේ භාරය හා ආරක්‍ෂාව දැරීමට නොහැකි වන පරිදි දණ්ඩ නීති සංග්‍රහයට සංශෝධන ගෙන ඒමට ජාතික ළමා ආරක්‍ෂක අධිකාරිය පියවර ගෙන තිබෙනවා.

නව නීති සංශෝධන රජයට ඉදිරිපත් කිරීම සඳහා කමිටුවක් පත් කරගන්නා බවත් එහි සාමාජිකයන් බඳවා ගැනීම මේ වන විට සිදුවෙමින් පවතින බවත් ජාතික ළමා ආරක්‍ෂක අධිකාරියේ සභාපති ආචාර්ය උදය අමරසිංහ මහතා පවසනවා.

සභාපතිවරයා පවසන්නේ, ඉදිරි දෙසැම්බර් මාසයේදී මෙම සංශෝධනය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීම සඳහා භාර දීමට බලාපොරොත්තු වන බවයි.

එංගලන්තය වැනි රටවල මෙවැනි අපරාධකරුවන් සඳහා ලැයිස්තු පවත්වා ගෙන යන බවත් ඔවුන්ට ළමයින් හා වැඩ කිරීමට ඉඩ නොදෙන බවත් ඔහු වැඩිදුරට සඳහන් කරනවා.

සභාපතිවරයා පවසන්නේ, නව නීති සංශෝධනය ගෙන ඒමෙන් පසු එවැනි අපරාධකරුවන්ගේ ලැයිස්තුවක් පවත්වාගෙන යාමට ජාතික ළමා ආරක්‍ෂක අධිකාරිය කටයුතු කරන බවත්, ළමයින් සමග කටයුතු කරන ස්වභාවයේ රැකියා සඳහා බඳවා ගැනීමේදී එම ඉල්ලුම්කරුවන් ගැන ළමා ආරක්‍ෂණ අධිකාරියෙන් නිෂ්කාශන ලබා ගැනීමට රාජ්‍ය හා පෞද්ගලික ආයතනවලට ඉඩකඩ හිමිවන බවයි.

මෙම සංශෝධන සම්මත වීමෙන් පසු එසේ නිෂ්කාශන ලබා ගැනීම අනිවාර්ය කෙරෙන චක්‍රලේඛයක් රජය මගින් නිකුත් කරනු ඇති බවත් ඔහු සඳහන් කරනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button