විදෙස්

පලස්තීනුවෝ U.N ගඩබාවලට පැනලා

දහස් සංඛ්‍යාත පලස්තීන ජනතාව දකුණු සහ මධ්‍යම ගාසා තීරයේ මානුෂීය ආධාර ගබඩා කර තිබෙන ගබඩාවන් සහ බෙදාහැරීමේ මධ්‍යස්ථාන වෙත පැන තිරිඟු පිටි සහ අනෙකුත් භාණ්ඩ සොරා ගන්නා බව එක්සත් ජාතීන්ගේ සංවිධානය ප්‍රකාශ කර තිබෙනවා.

එක්සත් ජාතීන්ගේ සංවිධානය පෙන්වාදී තිබෙන්නේ, සිවිල් සාමය බිඳ වැටීමට පටන් ගෙන ඇති බවට සලකුණක් බවත් ඊශ්‍රායල හමුදාවන්ගේ දැඩි ප්‍රහාර හමුවේ පලස්තීනුවන් බියෙන්, කලකිරීමෙන් සහ මංමුලා සහගතව පසුවන බවයි.

උතුරු ගාසා තීරයේ අවතැන්වූ පලස්තීනුවන් විශාල වශයෙන් දකුණු ගාසා තිරයට පැමිණෙන බවත් ඒ හේතුවෙන් දකුණු ගාසා තීරයේ පොදු සේවා බිඳ වැටී ඇති බවත් එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසා තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button