දේශීය

පුරාවිද්‍යාවේ තනතුරු 2,476ක් හිස්

පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුව සඳහා අනුමත කාර්‍ය මණ්ඩලය 4,318ක් වන අතර, එහෙත් දැනට සිටින කාර්ය මණ්ඩලයේ සඛ්‍යාව 1,882 ක් බවද විගණන වාර්තාවේ සඳහන් වන බව වාර්තා වනවා.

පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුවේ අනුමත කාර්ය මණ්ඩලයෙන් 57%ක පුරප්පාඩු පවතින අතර, මෙම පුරප්පාඩු පිරවීමට අපොහොසත් වී තිබූ බවද, විගණන මඟින් අනාවරණය කර තිබෙනවා.

මෙම පුරප්පාඩු අතර විධායක මට්ටමේ පුරප්පාඩු 39ක්ද, තෘතීයික මට්ටමේ පුරප්පාඩු 19ක්ද, ද්විතීක මට්ටමේ පුරප්පාඩු 202ක්ද, ප්‍රාථමික මට්ටමේ පුරප්පාඩු 2,216ක්ද, පවතින බව විගණන වාර්තාවේ සඳහන් වන බව වාර්තා වනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button