දේශීය

ගම්පහ ලාදුරු අවදානමක්

ගම්පහ දිස්ත්‍රික්කයේ ලාදුරු රෝගීන් හදුනාගැනීමේ වැඩිවීමක් පවතින බැවින් ජනතාව සැලකිලිමත් විය යුතු බව දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය සදහන් කර තිබෙනවා.

ජාතික ලාදුරු මර්ධන ඒකකයෙහි සහ ගම්පහ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ඉන්දික වන්නිනායක මහතාගේ උපදෙස් පරිදි රෝගීන් හදුනාගැනීම පිනිස සිදුකරනලද පරීක්ෂාවන් අනුව මෙම වසර තුලදී මේ වනවිට ගම්පහ දිස්ත්‍රික්කයෙන් ලාදුරු රෝගීන් 130 දෙනෙකු පමණ හඳුනා ගැනීමට හැකිව ඇති බව දිස්ත්‍රික් වසංගත රෝග විශේෂඥ වෛද්‍ය නිලංගී සුභසේකර මහත්මිය ප්‍රකාශ කළා.

ලාදුරු රෝග තත්ත්වය කලින් හඳුනාගනිමින් නිසියාකාරව වෛද්‍ය ප්‍රතිකාර ලැබීම මත නිට්ටාවට සුවපත්විය හැකි බව සදහන් කළ වසංගත රෝග වේදඥවරිය , හිරිවැටීම් සහිත වීම සහ සමෙහි ළප කැළල් වැනි රෝග ලක්ෂණ පෙන්නුම් කරන්නේ නම් සමේ රෝග සායනයක් හෝ සමේ රෝග වෛද්‍යවරයෙකු වෙත යොමුවීමෙන් අවශ්‍ය ප්‍රතිකාර ලබාගත යුතු බවද පෙන්වාදී තිබෙනවා.

ලාදුරු රෝගයට ප්‍රතිකාර සඳහා යොමු නොවී සිටීමෙන් විකලාංග තත්ත්වයකට පවා පත් විය හැකි බව ඇය පැහැදිලි කළ අතර මූලික අවස්ථාවේදීම ප්‍රතිකාර ලැබීම ඉතා අත්‍යාවශ්‍ය බවත් නිසි ප්‍රතිකාර මගින් නිට්ටාවට සුව වියහැකි බවත් සදහන් කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button