ලෝක උරුම 8ක් ඇති ශ්‍රී ලංකාවේ එක ජාතික උරුමයක්වත් නැහැ
ශ්‍රී ලංකාවේ මේ වනවිට ලෝක උරුම ලෙස ස්ථාන 8 ක් ප්‍රකාශයට පත්කර ඇතත් ජාතික උරුම ලෙස කිසිවක් ප්‍රකාශයට පත් කර නැති බව, ජාතික උරුමයන් සුරැකීම උදෙසා වූ පාර්ලිමේන්තු සංසදයේදී එහි සභාපතිවරයා අනාවරණය කර තිබෙනවා.
එමෙන්ම රටේ කවර හෝ ස්ථානයක පුරා වස්තූන්ට හානි කිරීමකදී ඒවා අදාළ අංශ වෙත ක්ෂණික දැනුම්දීමට දුරකතන ඇමතුම් මධ්‍යස්ථානයක් වහා ඇති කිරීම පිළිබඳවද එහිදී අවධානය යොමු වී තිබුණා.
ශ්‍රී ලංකාව තුළ දෙලක්ෂ පනස් දහසකට අධික පුරාවිද්‍යාත්මක වටිනාකමින් යුත් පුරා වස්තූන් පවතින බවත්, මේ මොහොත වනවිට වාර්තා කර ඇත්තේ ඉන් 17000ට අධික පුරාවිද්‍යාත්මක වස්තූන් ප්‍රමාණයක් පමණක් බවත්, සංසදය හමුවේ කරුණු දක්වමින් ස්වේච්ඡා සංවිධාන ප්‍රධානීන් එහිදී පවසා තිබෙනවා.
ජාතික උරුම සුරැකීම වෙනුවෙන් ඒ සඳහා ස්ථාපිත වී ඇති සියලු ආයතන ඒකාබද්ධව නියාමන ආයතනයක් පිහිටුවීමේ අවශ්‍යතාවද ස්වේච්ඡා සංවිධාන ප්‍රධානීන් විසින් සංසදය හමුවේ කරුණු දක්වමින් අවධාරණය කරනු ලැබුවා.
ජාතික උරුමයන් සුරැකීම උදෙසා ක්‍රියාත්මක වීම පිණිස වන පාර්ලිමේන්තු සංසදයේ සිවුවැනි සභාවාරය පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර මහතාගේ සභාපතිත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේදී පැවැත්වුණා.