දේශීය

ලංවිමට, ශ්‍රීලන්කන්ට තවත් බිලියන 231ක් දෙන්න කැබිනට් අනුමැතිය

ශ්‍රී ලංකා විදුලි බල මණ්ඩලය සහ සීමා සහිත ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ ශේෂපත්‍ර ප්‍රතිව්‍යුහගත කිරීමට අදාළව ඉදිරිපත් කළ පරිපූරක ඇස්තමේන්තුවට රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමැතිය හිමිව තිබෙනවා.

මෙම පරිපූරක ඇස්තමේන්තුවට කැබිනට් මණ්ඩලයේද අනුමැතිය හිමිව ඇති අතර ඊට රුපියල් බිලියන 231.5ක් වෙන් කර ගැනීමට අපේක්ෂා කරන බවයි සඳහන්වන්නේ.

මෙම මුදලින් රුපියල් බිලියන 129ක්, ශ්‍රී ලංකා විදුලි බල මණ්ඩලය වෙනුවෙන්ද ඉතිරි රුපියල් බිලියන 102 ශ්‍රීලන්කන් ගුවන් සමාගම වෙනුවෙන්ද ලබා ගැනීමට නියමිතයි.

මෙම පරිපූරක ඇස්තමේන්තු මුදල ලැබීමෙන් පසුවද ශ්‍රී ලංකා විදුලි බල මණ්ඩලය ගෙවිය යුතු ණය ප්‍රමාණය රුපියල් බිලියන 300ත් 400ත් පමණ ප්‍රමාණයක් පවතින බවද වාර්තාවනවා.

මෙම මුදල් ඉන්ධන මිලදී ගැනීම සඳහා ලංකා ඛනිජ තෙල් සංස්ථාවෙන් ලබා ගත් ණය පියවීමට මෙම ආයතන දෙක භාවිත කිරීමට නියමිතයි.

ලංකා ඛනිජ තෙල් සංස්ථාව මෙම මුදල් මහ භාණ්ඩාගාරයෙන් ලබා ගත් ණය පියවීමටත්, මහ භාණ්ඩාගාරය ඉන්දියානු ණය සහනාධාරය යටතේ ලබා ගත් ණය පියවීමටත් භාවිත කිරීමට නියමිත බවද සඳහන්වනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button