ක්‍රීඩා

ඇෆ්ගනිස්තානයට කඩුලු 07ක ජයක්

2023 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ නෙදර්ලන්තය සහ ඇෆ්ගනිස්තානය අතර පැවති තරගයෙන් කඩුලු 07ක විශිෂ්ට ජයක් ලැබීමට ඇෆ්ගනිස්තාන කණ්ඩායම සමත්වුණා.

පළමුවෙන් පන්දුවට පහර දුන් නෙදර්ලන්තය සියලුදෙනා දැවී රැස් කරගත්තේ, ලකුණු 179ක් පමණයි.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඇෆ්ගනිස්තානය, පන්දුවාර 31ක් අවසානයේ කඩුලු 03ක් පමණක් දැවී නියමිත ඉලක්කය පසුකර ගියා.

ඇෆ්ගනිස්ථානය වෙනුවෙන් සුපිරි පිතිකරනයක යෙදුනු Hashmatulla Shahidi පන්දු 64ක් තුළ ලකුණු 56ක් ලබා ගැනීමට සමත් වූ අතර, Rahmat Shah පන්දු 54ට ලකුණු 52ක් ලබා ගැනීමට සමත් වුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button