දේශීය
පඬු කරඳ ගසේ නඩුව ඉල්ලා අස් කර ගැනේ
ආන්දෝලනයකට තුඩු දුන් දාරලුව පඬු කරඳ ගස රහසිගතව කපා ඉවත් කිරීම සම්බන්ධයෙන් පනවා තිබූ නඩුව එහි පැමිණිලිකරුවන් විසින් ඉල්ලා අස්කරගෙන තිබෙනවා.
පුරාවිද්‍යා සුරැකීමේ සංවිධානයේ උඩස්ගිරියේ සමිත හිමියන්, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සහ අධිවේගී මාර්ගයේ නිලධාරීන් විසින් මෙම නඩුව පවරා තිබුණා.
අතිරේක මහෙස්ත්‍රාත් ෆාතිමා මෆ්පි මහත්මිය ඉදිරියේ නඩුව කැඳවූ අවස්ථාවේ පැමිණිලිකාර පාර්ශ්වය විසින් නඩුව ඉල්ලා අස්කරගෙන ඇති බවයි වාර්තාවන්නේ.
එහිදී අගතියට පත් පාර්ශ්වයේ නීතීඥවරයා පවසා සිටියේ, පැමිණිලිකරුවන් විසින් නඩුව ඉල්ලා අස්කර ගැනීම පුදුම සහගත බවත් ඉදිරියේදී අදාළ නිලධාරීන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බවයි.