විදෙස්

දැන් හොඳටම ඇති තවත් ප්‍රහාර ඕනෙ නෑ – එක්සත් ජාතීන්ගේ සංවිධානය

එක්සත් ජාතීන්ගේ සංවිධානවල සියලුම ප්‍රධානීන්, ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කරමින් ගාසා තීරයට එල්ල කරන ප්‍රහාර වහා නවත්වා මානුෂීය සටන් විරාමකට යන ලෙස ඊශ්‍රායලයට දන්වා තිබෙනවා.

එක්සත් ජාතීන්ගේ සංවිධානවල සියලුම ප්‍රධානීන්, මේ අයුරින් ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කිරීම ඉතා දුර්ලභ සිද්ධියක් බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

එමෙන්ම එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල හෙවත් ‘යුනිසෙෆ්’ සංවිධානය, ලෝක සෞඛ්‍ය සංවිධානය, ‘ලෝක ආහාර වැඩසටහන’ සංවිධානය පවා දිගින් දිගටම ඊශ්‍රායලයට පවසා ඇත්තේ ගාසා තීරයට එල්ල කරන ප්‍රහාර වහා නවත්වා මානුෂීය සටන් විරාමයකට යන ලෙසයි.

ඒකාබද්ධ ප්‍රකාශයේ වැඩිදුරටත් සඳහන්වූ අදහස්,

‘දැන් ඇති. තවත් ප්‍රහාර ඕනෑ නෑ. ප්‍රහාරවලින් සිදුවන්නේ පලස්තීන වැසියන් වට කරමින් ඔවුන්ට පහර දෙනවා. පාසල් සහ රෝහල්වලට පහර දෙනවා. නිවාස සහ ගොඩනැගිලිවලට පහර දෙනවා. දේවස්ථානවලට, පල්ලිවලට පහර දෙනවා. බෝම්බ දමනවා. මේ කිසිවක් පිළිගත නොහැකියි’

මේ අතර ගාසා තීරය තුළ සියලු සන්නිවේදන හා අන්තර්ජාල සේවා නැවත අත්හිටුවා ඇති බව පලස්තීන විදුලි සංදේශ සමාගමක් වන පැල්ටෙල් පවසනවා.

එමෙන්ම අන්තර්ජාල ප්‍රවේශය වෙනුවෙන් පෙනී සිටින කණ්ඩායමක් NetBlocks.org ගාසා පුරා ‘සම්බන්ධතා බිඳ වැටීමක්’ කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

එක්සත් ජාතීන්ගේ පලස්තීන සරණාගත ඒජන්සියේ මාධ්‍ය ප්‍රකාශක ජුලියට් ටූමා විසින් ඇසෝසියේටඩ් ප්‍රෙස් පුවත්පතටද මේ පිළිබඳව තහවුරු කර තිබුණා.

ඒ අනුව විදෙස් මාධ්‍ය වාර්තා කළේ, පළමු සන්නිවේදන හා අන්තර්ජාල සේවා ගාසා ඇනහිටීම පැය 36 ක් සහ දෙවන කොටස පැය කිහිපයක් පැවතුණ බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button