විදෙස්
එක්සත් ජාතීන්ගේ සංවිධානවලින් ඊශ්‍රායලයට ඒකාබද්ධ ප්‍රකාශයක්

එක්සත් ජාතීන්ගේ සංවිධානවල සියලුම ප්‍රධානීන්, ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කරමින් ඊශ්‍රායලයට දන්වා ඇත්තේ ගාසා තීරයට එල්ල කරන ප්‍රහාර වහා නවත්වා මානුෂීය සටන් විරාමකට යන ලෙසයි.
විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ, එක්සත් ජාතීන්ගේ සංවිධානවල සියලුම ප්‍රධානීන්, මේ අයුරින් ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කිරීම ඉතා දුර්ලභ සිද්ධියක් බවයි.
එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල හෙවත් ‘UNICEF’ සංවිධානය, ලෝක සෞඛ්‍ය සංවිධානය, ‘ලෝක ආහාර වැඩසටහන’ පවා දිගින් දිගටම ඊශ්‍රායලයට පවසා ඇත්තේ ගාසා තීරයට එල්ල කරන ප්‍රහාර වහා නවත්වා මානුෂීය සටන් විරාමයකට යන ලෙසයි.