දේශීය
අයවැය දෙවන වර කියවීමේ ඡන්ද විමසීම අද
අයවැය දෙවනවර කියවිමේ ඡන්ද විමසීම අද (22) පස්වරුවේ පාර්ලිමේන්තුවේදි පැවැත්වීමට නියමිතයි.
පාර්ලිමේන්තුවේ සන්නිවේදන අංශය පැවසුවේ අද පස්වරු 5.00ට අයවැය දෙවන වර කියවීම සම්බන්ධයෙන් වූ ඡන්ද විමසීම සිදුකිරීමට නියමිත බවයි.
2022 මුල්‍ය වර්ෂය සඳහා ඉකුත් 12 වනදා පාර්ලිමේන්තුවේ දෙවැනි වර කියවනු ලැබු අයවැය සම්බන්ධයෙන් වූ දෙවන වර කියවීමේ විවාදය අද පැවැත්වෙන්නේ 07වන දිනටයි.
ඒ අනුව අද පැවැත්වෙන දෙවැනි වර කියවීමේ ඡන්ද විමසීමෙන් පසු හෙට (23) සිට අයවැය කාරක සභා අවස්ථා විවාදය ආරම්භවීමට නියමිතයි.
එය හෙට සිට ලබන දෙසැම්බර් 10 වනදා දක්වා දින 16ක් පැවැත්වෙනු ඇතියි.
ඉන් අනතුරුව අයවැය තෙවන වර කියවීමේ ඡන්ද විමසීම පැවැත්වීමට නියමිතව ඇත්තේ දෙසැම්බර් 10 වනදා පස්වරු 05.00ටයි.