දේශීය

උණවටුනේ වැඩිහිටි නිවාසයක ආසාදිතයන් 28ක කොවිඩ් පොකුරක්

උණවටුන ප්‍රදේශයේ වැඩිහිටි නිවාසයක නේවාසිකයන් 164 දෙනෙකු සඳහා ඊයේ (21) සිදුකළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණයකදී නේවාසිකයන් 28 දෙනෙකු කොවිඩ්-19 ආසාදිතයන් බවට හදුනාගෙන තිබේ.

හබරාදූව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය මේ බව තහවුරු කර ඇත.

අදාළ වැඩිහිටි නිවාසයේ හැටපස් හැවිරිදි පුද්ගලයෙකු මීට දින තුනකට පෙර මියයාම ඇන්ටිජන් පරීක්ෂණයක් කිරීමට මුල් වූ බව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසයි.

හදුනාගත් ආසාදිතයන් 28 දෙනා මේ වන විට ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත  යොමු කර තිබේ. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button