ක්රීඩා
ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායම දිවයිනට
![](https://www.sinhala.dailytimes.lk/wp-content/uploads/2023/11/cricket-team-.jpg)
2023 ලෝක කුසලාන එක්දින තරගාවලියෙන් ඉවතට විසිවුණු ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායම අද (10) අලුයම 05.05 ට දිවයිනට පැමිණ තිබෙනවා.
ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායමේ ක්රීඩකයින්, පුහුණුකරුවන් ඇතුළු නිලධාරීන් සියලුම දෙනා කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ සිටි බව වාර්තා වනවා.
මේ අතර, ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායමේ පරාජය පිටුපස එක්තරා කණ්ඩායමක් සිටි බවත්, ඔවුන්ගේ කුමන්ත්රණකාරී වැඩපිළිවෙල නිසා මෙම ඛේදනීය පරාජය අත්වූ බවත් ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායමේ තේරීම් කමිටුවේ සභාපති ප්රමෝද්යය වික්රමසිංහ මහතා කටුනායක ගුවන්තොටුපොළ පරිශ්රයේදී ප්රකාශ කර තිබුණා.