දේශීය

අයවැයෙන් බදු අංකය අනිවාර්ය අවස්ථා හතරක්

ප්‍රධාන අවස්ථා හතරකදී බදු ගෙවන්නා හඳුනා ගැනීමේ අංකය ඇතුළත් සහතිකයේ පිටපතක් ඉදිරිපත් කිරීම ඊයේ (13) ඉදිරිපත්වූ අයවැයෙන් අනිවාර්ය කර තිබෙනවා.

මීට අදාළ මාර්ගෝපදේශ, දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් විසින් ඉදිරියේදී නිකුත් කරනු ඇති බවයි වාර්තාවන්නේ.

මේ අනුව ඕනෑම බැංකුවක ජංගම ගිණුමක් විවෘත කිරීමේදී, ගොඩනැගිලි සැලැස්මක් සඳහා ඉල්ලුම්කරුවකු විසින් අනුමැතිය ඉල්ලා සිටින විටෙක, මෝටර් රථයක් ලියාපදිංචි කරන හෝ බලපත්‍රය අලුත් කරන අවස්ථාවක එහි හිමිකරු විසින් සහ ඉඩමක් හෝ ඉඩමක හිමිකම ලියාපදිංචි කරන අවස්ථාවක ගැනුම්කරු විසින් බදු ගෙවන්නා හඳුනා ගැනීමේ අංකය ඇතුළත් සහතිකයේ පිටපතක් ඉදිරිපත් කළ යුතුවන බව සඳහන් කරනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button